අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් 2024.03.14 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය සඳහා යෝජිත සේවා ව්‍යවස්ථාව, වැටුප් විශමතා සහ ග්‍රාම නිළධාරීන්ගේ වෘත්තීය ගරුත්වය රැකගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරනු ලැබීය.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, වෘත්තීය සමිති නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය