හැත්තෑහය වැනි ජාතික නිදහස් සැමරුමේ බෞද්ධ ආගමික වතාවත් කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ දී අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

1948 පෙබරවාරි මස 4 වැනි දින නිදහස ලැබීමෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා මෙම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් සිදු කොට තිබේ. එතැන් සිට මේ දක්වා සෑම වර්ෂයකම මෙම නිදහස් දින සැමරුම අඛණ්ඩව සිදු කර ඇත.

මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, හිටපු කතානායක කරු ජයසූරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ,මෙම අවස්ථාවට සහභාගි වූහ.