කිරුළපන පුෂ්පාරාම විහාරස්ථාන පෙරහැර මංගල්‍යය අරඹමින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම 2024.06.30 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදුවිය.

කිරුළපන පුෂ්පාරාමාධිපති පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම මහා පෙරහර රාජ්‍ය අනුග්‍රහය ලද කොළඹ පෙරහර මංගල්‍යයන් අතර සුවිශේෂී තැනක් ගනි.

මහ සඟරුවන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කිරුළපන වෙළඳ සමූහය ඇතුළු දායක කාරකාදීන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය