මොරොන්තුඩුව නිවේසාරාම පුරාණ විහාරස්ථානයේ අභිනව චෛත්‍යය රාජයාණන් වහන්සේ විවෘත වේ.

මොරොන්තුඩුව පොල්හේන නාන්දූව සිරි නිවේසාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණයකර සම්බුද්ධ ශාසනයට පූජා කිරීම අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා (2024.05.18) අතින් සිදු කෙරිණි.

වසර සියයකට වඩා පැරණි මෙම විහාරස්ථානයට අඩුවක්ව පැවති මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ මාධ්‍යවේදී ජේ.ටී. සිල්වා මහතා, ඒ.වී. සාගරිකා ද සිල්වා මෙනවිය හා සුනේත්‍රා මදුරාවල මහත්මියගේ ධන පරිත්‍යාගයෙනි.

මෙම අවස්ථාවට විහාරාධිපති, පූජ්‍ය ඇහැළියගොඩ අමර ජෝති හිමියන්ගේ ආරාධනයෙන් ගරුතර මහා සංඝරත්නය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ සංජීව එදිරිමාන්න ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය