තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිස අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට ළඟා වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එහිදී පිළිගනු ලැබීය.

අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මෙම අවස්ථාවට එක් විය.