’ලොකුම ඉඩම් මංකොල්ලය’ අසත්‍ය පුවත් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි.

චමුදිත සමරවික්‍රම මහතා,
Truth With Chamuditha
යූ ටියුබ් නාලිකා ප්‍රධානී,
අංක 39,
විශ්ව විද්‍යාල මාවත
කටුබැද්ද, මොරටුව.


’ලොකුම ඉඩම් මංකොල්ලය’ අසත්‍ය පුවත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි.

’ලොකුම ඉඩම් මංකොල්ලය’ නමින් CNB – Truth With Chamuditha News Brief යූ ටියුබ් නාලිකාව ඔස්සේ 2023.09.19 දින විකාශනය වූ සම්මුඛ සාකච්ඡාවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් වූ තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නොමැත.

සම්මුඛ සාකච්ඡාව මගින්, කිරිඇල්ල නැදුන් රජමහා විහාරාධිපති, පූජ්‍ය හදපාන්ගොඩ මහින්ද ස්වාමීන් වහන්සේ අග්‍රාමාත්‍යවරයාගේ ඥාතියෙක් බවට ගොතන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයකි.

දශක ගණනාවක් විහාර දේවාලගම් පනත විනාශ කිරීමට එරෙහි වීමේ සිට විහාරස්ථාන, පුදබිම් හී ගැටළු සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු ලෙසත්, ඉන් පිටත සිටත් ශාසන ලැදිව කටයුතු කළ අග්‍රාමාත්‍යවරයා, ඊට අමතරව පූජාභූමි අමාත්‍යවරයාව සිටිය දී වැඩිම පූජාභූමි ගණනක් ගැසට් කොට ප්‍රකාශයට පත්කිරීම, යටිතල පහසුකම් ලබාදීම, විහාරස්ථානවල ගැටළු සම්බන්ධයෙන් මැදිහත්වීම ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් ගරුතර සඟරුවන සමඟ නිතර හමුවීම් සහ සාකච්ඡා සිදු කරනු ලැබිය. එය හුදෙක් ශාසනයේ චිරස්ථිතිය පිණිස බව මෙම අසත්‍ය ප්‍රවෘත්ති ගොතන්නන් දැනගත යුතුව ඇත.

මහා සඟරුවනට සහ ජාතික නායකයන්ට එල්ල කරන සැලසුම් සහගත තවත් එක් ඒජන්ත ප්‍රචාරයක් වූ ’ලොකුම ඉඩම් මංකොල්ලය’ නමින් වූ මෙම සම්මුඛ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ප්‍රකාශ කළ තොරතුරු අසත්‍ය හා ද්වේශ සහගත බැවින් මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමි.


ලලිත් රෝහණ ලියනගේ
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
0714445999

Download Release