ජෝශප් මයිකල් පෙරේරා කෘතහස්ත දේශපාලඥයෙක්

කෘතහස්ත දේශපාලඥයකු වූ ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව සාතිශය සංවේගය පළ කරමු.

ඔහු දැයෙන් සමුගන්නේ කතානායකවරයකු, කැබිනට් අමාත්‍යවරයෙකු, විචක්ෂණශීලී මහජන නියෝජිතයකු ලෙස පරිණත සටහන් තබමිණි.

නිබඳව ම ඔහු සිය කඳවුරේ මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටියේය.

පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳ ඔහුට මනා අවබෝධයක් විය. දශක ගණනාවක සිට විසල් සමාජ මෙහෙවරක් ගමට, රටට, දැයට ඉටුකළ ඔහු සමාජ ගත කළ සංකල්පයක් බොහෝය.

සහෘද පාර්ලිමේන්තු සගයෙකු ලෙස වසර ගණනාවක් පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ ආකාරය ගෞරවයෙන් සිහිපත් කරමි.

ඔහුගේ අභාවය හේතුවෙන් සංවේගයට පත් පවුලේ සියලු දෙනා, ඥාති හිතමිත්‍රාදීන් හා සහසම්බන්ධිත සැමට සංවේගය පළකරමි.

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාට මොක්සුව පතමි.


දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය