පෙර පිරිසට අග්‍රහාරය හිමි නැහැ කියන තත්ත්වය වෙනසකට භාජනය කළ හැකියි.. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අප පුරුදු වෙලා හිටපු සුභසාධක රාජ්‍යය අද වෙනස් වෙමින් පවතිනවා..

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පලකළේ ( 2023.10.09) මහජන පුස්තකාලය ශ්‍රවනාගාරයේ පැවති එක්සත් විශ්‍රාමික බලමුළුව අමතමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා -

අපි ඔබ දිහා බලන්නේ අපේ රට පවත්වාගෙන  වැඩිදුර >>

ශෝක ප්‍රකාශය

හෙළ කලාකෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ ප්‍රතිභාපූර්ණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය සංවේගයට කරුණකි.

සිනමාව, වේදිකාව, රූපවාහිනිය දිග්විජය කරමින් පරිනත සටහන් තැබූ ඔහු දැයට එක්කළ සංස්කෘතික දායාදයන් බොහෝය. පරිසර, ඉතිහාස, මාධ්‍ය ගවේෂණයේ නවමු ඉසව් සොයාගොස් ඒවා ජනතාවට සමී වැඩිදුර >>

ශ්‍රී ලංකාවට කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළු වීමට මැලේසියානු සහාය...

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලීමට මැලේසියාව සහාය වනු ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir මහතා පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir මහතා අතර හමුවක් අද (2023.10.09) අරලියගහ වැඩිදුර >>

ජාතික විශ්‍රාමික දින පණිවුඩය

විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දැයක් උදෙසා කැපවීම් කොට ඉසිඹු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වූ දිනය අද වුවද අප ගෙවන සෑම දිනයක්ම එකී මෙහෙවරයෙන් පෝෂිත වූ දිනයන් ය.

ආර්ථික අර්බුදය හමුවේ සමස්තයක්ව විශ්‍රාමික ඔබ ද පීඩාවට පත්ව ඇත. එසේ වුවද ස්ථාවර මාසික විශ්‍රාම වැටුපකට හිමිකම් කියන ඔබ ර වැඩිදුර >>

“විශාල ආර්ථික අර්බුදයක් හමුවේ පවා අප විශ්‍රාමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කළා.” -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික විශ්‍රාමික දිනය නිමිති කර ගනිමින් 2023.10.08 දින කැළණියේ පැවැති විශේෂ සෞඛ්‍ය සායන කඳවුරකදී ය.

අදට යෙදෙන ජාතික විශ්‍රාමික දිනය වෙනුවෙන්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ, ජාතික විශ්‍රාමි වැටුප් දෙපාර්තමේන්තුවේ වැඩිදුර >>

අප මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ එන්න පැරණි නීති මත නොසිට, නව නීති ගොඩනගා ගත යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

කපු කර්මාන්තයෙන් විලාසිතා ලොවට ප්‍රවේශය ගනිමු... - UNDP නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (2023.10.07) අරලිය ගහ මන්දිරයේ පැවැති සංකතන මණ්ඩපය අමතමිණි. මෙවර සංකතන මණ්ඩපය වෙන් වූයේ අදට යෙදුණු ලෝක කපු දිනය නිමිත්තෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රා වැඩිදුර >>

සුභාශිංසනය

රටක අනාගතය ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී වඩාත් ඵලදායක අයුරින් ගුණ ණැන බෙලෙන් යුත් යහපත් අනාගත පුරවැසියෙකු කිරීම සඳහාත්, අනාගත ලෝකයට ගැළපෙන, විශිෂ්ට මානව සම්පතක් රටට දායාද කිරීම සඳහාත් දරුවා මෙහෙයවන්නේ ගුරුවරයා යි.

ඉහළ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා දරුවන් වෙත ළඟාකර දිය හැකි, පරිපාලනය වැඩිදුර >>

සුභාසිංශනය

ආසියානු ක්‍රීඩා උළෙලේදී ලක්මව දිනවූ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙ රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න, හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම්ලාභී නදීශා ලක්මාලි ලේකම්ගේ හා 4 x 400 (කාන්තා) සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ දියණිවරුනි, 4 x 400 (පිරිමි) සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළෙ පුතුණි, ඔබට අප ගෞරව වැඩිදුර >>

උඩරට ද්‍රවිඩ ප්‍රජාවට පහසුකම් ලබාදීමේ ප්‍රමාදයන් වළක්වන්න. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

උඩරට ද්‍රවිඩ ජනතාවට නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එම ජනතාව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උඩරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නව ප්‍රජාවගේ ලාංඡනයක් එළිදැක්වීම සඳහා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර වැඩිදුර >>

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ නව ව්‍යාපෘති අරඹන්නැයි ආසියානු සංවර්ධන බැංකුවට අගමැති යෝජනා කරයි

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය ආදී ක්ෂේත්‍රවලට අදාලව නව ව්‍යාපෘති ඇරඹීම සදහා ආයෝජනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුවට යෝජනා කරයි.

අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කලේ අද (2023.10.03) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට න වැඩිදුර >>

“රට හමුවේ ඇති බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනිම කෙරෙහි ජනාවාසකරණයේ දී සැලකිලිමත් විය යුතුයි. හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇද කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය ලබාදීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ නැහැ” - අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ අද (02) බත්තරමුල්ලේ සෙත්සිරිපායේ පැවැති ලෝක ජනාවාස දින උත්සවය අමතමිණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය එය සංවිධානය කර තිබිණි. “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාවයි.

මිනිස් සමාජයේ මුලික මිනිස් අයිතිවා වැඩිදුර >>

අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාන්ධි දිනය සැමරේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලි විසින් ඉන්දියාවේ ජාතියේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි මහතාගේ 154 වැනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් ඔක්තෝබර් 2 වන දින අරලියගහ මන්දිරයේදී එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. මෙම අවස්ථාවට නියෝජ්‍ය මහ කොමසාරිස් සත වැඩිදුර >>

“පාසල් අධ්‍යාපනය හැර යන දරුවන් බොහොමයක් සිටිනවා. ඒත් අපි කතා කරන්න විභාග සමත්වන දරුවන් ගැන විතරයි.” - අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

“දරුවන් වෙනුවෙන් ගතයුතු තීරණ වලට නීති බාධා ඇත්නම් වහා ඉවත් කළ යුතුයි”.

“18 පිරුණු ගමන් ළමා නිවාස වලින් ළමයි නිකං එළියට දාන්න බෑ” - රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ, ලෝක ළමා දින සැමරුම, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීත වැඩිදුර >>

ලෝක ළමා දින පණිවිඩය

හොඳම දේ දරුවන්ටය. එය දිනකට පමණක් නොව හැමදාටමය. සංවර්ධිත, ශක්තිමත් ජාතියක් ගොඩනැගෙනුයේ දරුවන් වෙනුවෙන් අද කරන එකී කැපකිරීම් හා ආයෝජනයන් මතය.

දරුවන් උදෙසා යහපත් ලොවක් බිහි කරනු වස්, ලෝක ජනතා දැනුවත් හා සංවේදීභාවය වැඩිදියුණු කිරීමට ළමා සැමරුම් දිනක් වේ. එනමුදු ළමා ලෝකය ගොඩනැගීම ස වැඩිදුර >>

අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ’ධර්ම දීපනී’ පෝදා රූපවාහිනි සජීවී ධර්ම දේශනා මාලාව.

බිනර පොහෝදින දේශකයාණන් වහන්සේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර නායක ස්වාමීන් වහන්සේ. වැඩිදුර >>